පිටි ජාති කෑවම මහත් වෙනවා ද? කුරුඳු වලින් පිළියමක්!

දවසෙම වැඩ කරලා කරලා හෙම්බත් වෙලා එන්නෙ රෑට කොත්තුවක් කන්න නේ?

Instagram එකේ තියෙන්නෙම ලස්සන කේක් වල පින්තූර. එවා දැකලා හිතෙන්නෙම UberEats එකෙන් කෑල්ලක් order කරන්න.

කන්දක් වගේ ගොඩගහගෙන කෑවට මොකෝ හිතෙන්නෙම තව වැඩිපුර බත් කටක් කන්න. ඊටපස්සෙ එනවා නිදිමතක්.

කොළඹ විශ්ව විද්‍යාලය පර්‍යේෂණයක් කරලා බැලුවාම හොයාගෙන තියෙනවා ලංකාවෙ අපේ එක්කෙනෙක් දවසට කන ප්‍රමාණයෙන් 71%ක්ම තියෙන්නෙ කාබෝහයිඩ්‍රේට කියලා. නිර්දේශිත ප්‍රමාණෙ 45%ත් 65%ත් අතර.


හැබැයි හැමෝම කියනවා පිටි ජාති, පැණි රස කෑවාම මහත් වෙනවා කියලා. මේක ඇත්ත ද?

දැන් පොඩ්ඩක් ඉස්කෝලෙ විද්‍යාව පාඩම කියවනවා වගේ හිතෙයි ඒත් අපි පුළුවන් තරම් මේක තේරෙන සිංහලෙන් කියලා දෙන්නම්.

අපේ ඇඟට ශක්තිය ලබාගන්න කාබෝහයිඩ්‍රේට් අත්‍යාවශ්‍යයි. අනිත් ශක්තිය ලබාදෙන ඒවා තමයි ප්‍රෝටීන් හා මේදය. කාබෝහයිඩ්‍රේට් කෑවාම ඒවා ආමාශෙදි ග්ලූකෝස්/ සීනි  වෙලා ලේවලටයි අක්මාවටයි යනවා.

ලේවල ග්ලූකෝස්/ සීනි වැඩිවෙනකොට අගන්‍යාශෙන් ඉන්සියුලින් හදලා ඒකෙන් සෛලවලට ග්ලූකෝස් ලබාගන්න උදවු කරනවා ශක්තිය සඳහා භාවිතා කරන්න. එතකොට ලේවල සීනි මට්ටම ඉන්සියුලීන් නිසා අඩුවෙනවා. වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත්වෙලා අක්මාවේත් මාංශ පේශිවලත් ගබඩා වෙනවා පස්සෙ පාවිච්චි කරන්න. ඉතින් අපි ඕනැවට වඩා පිටි ජාති නැත්තම් කාබෝහයිඩ්‍රේට් කෑවොත් එවා මේදය බවට හැරිලා ඇඟේ නිතරම ගබඩාවෙනවා. ඒ මොකද අපිට අවශ්‍ය ශක්තියට වඩා වැඩිපුර කන නිසා. එතකොට මේද තට්ටු වැඩි වෙලා මහත්වෙනවා.


ඉතින් මේ හැම කාබෝහයිඩ්‍රේට් එකක්ම නරක ද?

නෑ හැම එකම නරක නෑ. ඒත් කාබෝහයිඩ්‍රේට්වල හොඳ නරක මනින්නෙ ඇත්තටම Glycemic Index (GI) දර්ශකයෙන්. මේකෙන් මනින්නෙ, කාබෝහයිඩ්‍රේට කෑවාම කොච්චර ඉක්මනින් හා තරමින් ලේවල ග්ලූකෝස්/ සීනි වැඩිවෙනවාද කියන එක. අඩු GI අගයක් තියෙන ආහාර හෙමින් ජීර්ණය වෙලා ක්‍රමානුකූලව ලේවල සීනි වැඩි කරනවා. වැඩි GI අගයක් තියෙන ආහාර ඉක්මනින් ජීර්ණය වෙලා එකපාරට ලේවල සීනි වැඩි කරනවා.

වැඩි GI අගයක් තියෙන සරල කාබෝහයිඩ්‍රේට් (සුදු බත්, සුදු පාන්, පැණිරස ජාති) ඉක්මණින් ජීර්ණයවෙන නිසා ඉක්මනින්ම බඩගිනි එනවා. එතකොට ඕනවාට වඩා අපිට කෑම කන්න හිතෙනවා වගේම, නිතරම වැඩියෙන් ලේවල සීනි වැඩි කරන නිසා අර කලින් කිව්වා වගේ මේද ගබඩා වැඩිවෙලා මහත්වෙනවා. ඒත් එක්කම නිතරම වැඩිවෙන සීනි මට්ටම පාලනය කරන්න ඉන්සියුලින් හදන නිසා ගොඩාක් කල් යද්දි ඉන්සියුලින් වල කාර්‍යක්‍ෂමතාවය අඩුවෙලා දියවැඩියා තත්ව ඇතිවෙනවා.

අඩු GI අගයක් තියෙන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට (රතු බත්, බාස්මතී, කුරක්කන් පාන්, ඇට ජාති) කෑවාම වෙන්නෙ ඒකෙ අනික් පැත්ත මොකද ඒවා ජීර්ණයවෙන්නෙ හෙමින් ඒ නිසා ලේවල සීනිමට්ටම එකපාරට වැඩිවෙන්නෙත් නෑ. එතකොට ඉක්මණින් බඩගිනි වෙන්නෙත් නෑ. ඉන්සියුලින් හැදෙන එකට කරදරයකුත් නෑ.


ඒත් සුදු බතක්, පාන් කෑල්ලක් කන එක තරම් ගතියක් නෑ නේ? ඉතින් මෙවායෙන් එන නරක ප්‍රතිඵල පාලනය කරන්න ක්‍රමයක් නැද්ද?

අපේ ලංකා කුරුඳු වලින් පුළුවන්!


ලෝකෙ විද්‍යාඥයෝ අපේ කුරුඳු වලින් කාබෝහයිඩ්‍රේට් වල GI මට්ටම පාලනය කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා කියලා දන්නවා ද?

අපි මෙහෙම කියන්නෙ හිතළුවක් නෙවෙයි. ස්කොට්ලන්තෙ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්, වැඩි GI අගයක් තියෙන පාන් එක්ක කුරුඳු සාරය අරගත්තාම ඇතිවෙන වෙනස්කම් ගැන රසවත් පරීක්‍ෂනයක් කරලා තියෙනවා. මේකෙ ප්‍රතිඵල අනුව හොයාගෙන තියෙනවා කුරුඳු සාරයේ තියෙන සංයෝගවලින් සරල කාබෝහයිඩ්‍රේට ඉක්මනින් ජීර්ණය කරන එක අඩු කරලා ලේවල සීනි මට්ටම වැඩිවෙන එකත් පාලනය කරනවා කියලා. සරලව කිව්වොත් කුරුඳු සාරය, සරල කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරන්න උදව් කරනවා සංකීර්ණ කාබෝහයිඩ්‍රේට වගේ හෙමින්.

මේ අධ්‍යනයට නායකත්වය දුන් පෝෂණවේදී මහතා අපත් සමඟ පැවසුවේ

“රෝග සුව කිරීමට වඩා වැළැක්වීම තමයි වඩාත් හොඳ. ඉතින් මේ වගේ ස්වාභාවික සාර හා පෝෂණය තියෙන ආහාර අතිරේක, සෞඛ්‍යසම්පන්න ආහාර රටාවක් හා ව්‍යායාම සමඟ ගත්තොත් ඇත්ත වශයෙන්ම ගොඩක් දුරට රෝග වළක්වා ගන්න පුළුවන්. ඔබ නිතරම GI අගය වැඩි ආහාර ගන්නවා නම්, ස්වාභාවික ආහාර අතිරේක මගින් ඒ ආහාර සෞඛ්‍යයට හිතකර විදිහට ජීර්ණය කරන්න උදව් කරගන්න පුළුවන්. “

ආචාර්‍ය. විරේන් රණවන

ප්‍රංශයේ හා ජර්මනියේත් මේ අධ්‍යනයට සමාන පරීක්‍ෂණ කරලා එකවගේ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඉතින් අපේ කුරුඳු වල මෙච්චර ගුණයක් තියෙද්දි අපිට අගයක් නැත්තෙ ඇයි?


දැන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වාදෙන ස්වාභාවික ලංකා කුරුඳු සාරය අඩංගු ආහාර අතිරේකය, SaaraLife Trim’N’Fit! ඔබට ලංකා කුරුඳු වල උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකියි!

Trim’N’Fit හි අඩංගු විද්‍යාත්මකව නිපදවූ ලංකා කුරුඳු සාරය මගින් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ඵලදායීව නියාමනය කර සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට උපකාරී වේ.

අදම Trim’N’Fit ලබාගෙන වෙනස වටහා ගන්න! දිවයින පුරා සියලුම ප්‍රධාන ෆාමසි වලින් ලබා ගත හැක. පහත බැනරය click කර අපගේ වෙබ් අඩවිය හරහා ඇණවුම් කර ගෙදරටම ගෙන්වා ගන්න. සුවිශේෂී වට්ටම් අපගේ වෙබ් අඩවිය හරහා ලබාගත හැක.

Trim’N’Fit ගැන වැඩි විස්තර සඳහා පහත බැනරය click කරන්න:

2 thoughts on “පිටි ජාති කෑවම මහත් වෙනවා ද? කුරුඳු වලින් පිළියමක්!

Comments are closed.